Gossips

මාතලේ අමුතු රසායනාගාර පරීක්ෂාව

රෝග තත්ත්වයන් හදුනාගැනීමට වෛද්‍ය රසායනාගාර හරහා ලබාගන්නා නිවැරදි පරීක්ෂණ වාර්තා අතිශයන් වැදගත්.
එහෙත්, මාතලේ යටවත්ත ප්‍රදේශයේ රසායනගාරයක දුරකථනය ඔස්සේ උපදෙස් ලබාගනිමින් අමුතු රසායනගාර සේවාවක් සිදුකරන බවට හිරු සී.අයි.ඒ තොරතුරු සොයාගත්තා.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.
මාතලේ යටවත්ත ප්‍රාදේශීය රෝහල ඉදිරිපිට ඇති ලේ, මුත්‍රා ආදිය පරීක්ෂා කරන රසායනාගාරයක දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත්තේ යටවත්ත රෝහලේ සේවය කරන රසායනාගාර තාක්ෂණ විද්‍යාඥවරයාම මෙහි සියළුම පරීක්ෂණ සිදුකරන බවයි.
එහෙත් හිරු සී. අයි.ඒ වෙත තොරතුරු ලබාදුන් පිරිස් පැවසුවේ මෙහි සේවිකාවන්ට රෝහලේ තාක්ෂණවේදියා දුරකථනය හරහා උපදෙස් දෙමින් මෙහි රසායනාගාර වාර්තා රෝගීන්ට ලබාදෙන බවයි.
අදාල තොරතුර සත්‍ය දැයි සොයා බැලීමට හිරු සී.අයි.ඒ රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම සඳහා රුධිර සාම්පලයක් ලබාදී මෙහි සිදුවන දෑ නිරීක්ෂණය කළා.