Gossips

කිරිපිටි මිල ඉහළට

ළදරු කිරිපිටි හැර අනෙකුත් ආනයනික සහ දේශීය කිරිපිටි මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑමයේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින් සහ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 20කින් ඉහළ නැංවෙනු ඇති.
ජීවන වියදම් කමිටුව ද ඊට අදාළ නිර්දේශ ලබාදුන් බව අද පෙරවරුවේ වාර්තා වුණා.
දැනට වෙළඳපොළේ සහ ගබඩාවල පවතින කිරිපිටි තොග සඳහා මෙම ඉහළ යාම බලනොපාන අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට නිෂ්පාදනය කරනු ලබන කිරිපිටි සඳහා පමණක් අදාළ මිල ඉහළ යාම බලපැවැත්වෙනවා.
වෙළදපොළේ කිරිපිටි කිලෝග්‍රෑමයක්් රුපියල් 810කට අලෙවි කෙරෙන අතර, ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට එය රුපියල් 860ක් දක්වා ඉහළ යනු ඇති.
ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් වෙළඳපොළේ අලෙවි වන්නේ රුපියල් 325කටයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට එහි නව මිල රුපියල් 345ක්.
මේ අතර, ජීවන වියදම් කමිටුවේ සාමාජිකයෙකු වන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ඉහළ යාමත් සමඟ අදාළ සමාගම් කර තිබූ ඉල්ලීමකට අනුව මෙම තීරණයට එළඹි බවයි.
පසුගිය 27 වන දා මධ්‍යම රාත්‍රියේ සිට කිලෝග්‍රෑම් 12.5 ප්‍රමාණයේ ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ද රුපියල් 245කින් ඉහළ දැමුණා.