Gossips

ඉන්දියාවට යළි දූවිලි බිය

උතුරු ඉන්දියාවට ඉදිරියේදීත් මහා දූවිලි කුණාටු ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අගවනවා.
ඊයේ ඇති වූ දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 125 දක්වා ඉහළ ගොස් ඇති අතර, උත්තර් ප්‍රදේශ් සහ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තවලට එමගින් දැඩි බලපෑම් එල්ල වුණා.
ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත්තේ සති අන්තය නිමා වීමට පෙර යළි එවැනි කුණාටුවක් ඇතිවිය හැකි බවයි.