Gossips

නිදහස් දා අමුතු සංඥාවක් කළ හමුදා නිලධාරියාට විශේෂ නියෝගයක්

70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල අභිමානවත් ලෙසින් මෙරට සමරද්දී විදෙස් රටවලදී ද නිදහස් උත්සව පැවැත්වුණා.
ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල එසේ නිදහස් උත්සවය සමරද්දී එල්.ටී.ටී.ඊ. හිතවාදීන් පිරිසක් මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එයට විරෝධය පළ කළා.
එම අවස්ථාවේ එහි සිටි බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනුයුක්ත ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු විසින් කිසියම් සංඥාවක් සිදුකරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූවා.
පසුව අදාළ සිදුවීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ එම අවස්ථාව දැක්වෙන වීඩියෝව පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් ගේ දැඩි අවධානයකට ලක්ව ඇති බවයි.
ඒ අනුව අදාළ නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අතිහිටුවන ලෙසට ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් වරයාට දැනුම්දී තිබෙනවා.
එමෙන්ම මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාවද ඇතුළුව විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවයි විදේශ කටයුතු අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
එම වීඩියෝව සහ ඡායාරූපය පහතින්.