Gossips

උතුරේ ඉන්නේ සාම හමුදාවක් – පළාත් ආණ්ඩුකාරවරයා කියයි (ඡායාරූප)

උතුරු පළාතේ මේ වන විට කටයුතු කරමින් සිටන්නේ යුද හමුදාවක් නොව උතුරේ ජනතාව සමග සහයෝගයෙන් කටයුතු කරන සාම හමුදාවක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසනවා.
යාපනය පලාලි රණවිරු ස්මාරකය අසල පැවති රණවිරු සැමරුම් වැඩසටහනකට එක්වෙමිනුයි ආණ්ඩුකාරවරයා මේ බව කියාසිටියේ.
රට තුල කිසිදු අවස්ථාවක ජාතිවාදය ඇති කරවීමට අවස්ථාවක් නොදෙන බව ද ඔහු මෙහිදී සඳහන් කලා.
රණවිරුවන් සිය ජීවිත පරිත්‍යාගයෙන් ලබාගත් සාමය ආරක්ෂා කිරීමට සියලුදෙනා සමගියෙන් කටයුතු කළ යුතු බව ද රෙජිනෝල්ඩ් කුරේ මහතා කියාසිටියා.
සාමකාමී එක්සත් ශ්‍රී ලංකාවක් තුල සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනතාව සහෝදරත්වයෙන් ජීවත්විය යුතු බවයි උතුරු පළාත් ආණ්ඩුකාරවරයා උත්සවය අමතමින් වැඩිදුරටත් කියාසිටියේ.




ඡායාරූප – වව්නියාව මාධව කුලසූරිය