Gossips

තහනම් පොලිතින් නිෂ්පාදන වැටලීමේ මෙහෙයුම් අඛණ්ඩව

තහනම් පොලිතින් නිෂ්පාදන වැටලීම් අඛන්ඩව සිදුකරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස පළමුවනදා සිට මෙම පොලිතින් තහනම ක්‍රියාත්මකයි.
ඒ අනුව ප්ලාස්ටික් ද්‍රව්‍ය යොදා ගනිමින් ආහාර දවටන නිෂ්පාදනය කරනු ලබන මට්ටක්කුලිය ප්‍රදේශයේ කර්මාන්තශාලාවක් වැටලීමට මධ්‍යම පරිසර අධිකාරිය සමත්ව තිබෙනවා.
එම වැටලීම සිදුකරන අවස්ථාවේ තහනම් කරන ලද එච්.ඩී.පී.ඊ ප්ලාස්ටික් භාවිතා කරමින් ආහාර දවටන යන්ත්‍ර 4 ක් මගින් නිෂ්පාදනය කරමින් සිට ඇති බව සදහන්.
අනතුරුව එම සාම්පල් පොලිස් භාරයට ගෙන ඇති අතර, අදාළ කර්මාන්තශාලාවට එරෙහිව නීතිමය පියවර ගැනීමට ද මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු යොදා තිබෙනවා.