Gossips

පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකුට ස්ථාන මාරු

පොලිස්පතිවරයාගේ නිර්දේශ මත සහ පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් 18 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
පොලිස් මූලස්ථානය සඳහන් කළේ ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරීවරුන් ද මෙම ස්ථාන මාරුවීම්වලට ඇතුළත් බවයි.
ඒ අනුව ජනාධිපති ආරක්ෂක කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී ඩී .අබේවර්ධන, කොළඹ උතුරු කොට්ඨාශය වෙත මාර කර ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී එච්. ෆොන්සේකා වව්නියාව කොට්ඨාශය වෙත මාරු කර යවා තිබෙනවා.