Gossips

කාර්තික්ගේ සම්මානය යළිත් තිළිණයක් ලෙස සුවිශේෂී පුද්ගලයෙකුට

ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ ඊයේ (03) පැවති තරඟය ජය ගන්නට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජය කරමින්.
ඊයේ පැවති තරඟයෙන් අනතුරුව කොල්කටා කණ්ඩායමේ නායක දිනේෂ් කාර්තික් සිදුකළ අපූරු ක්‍රියාවක් පිළිබඳව මේ වන විට බොහෝ පිරිසකගේ අවදානයට ලක්ව තිබෙනවා.
මෙම තරඟයේදී Star Plus nayi soch සම්මානය හිමිකර ගැනීමට කාර්තික් සමත් වුණා.
ඔහුට හිමිවූ එම සම්මානය සහ ත්‍යාගය ඊයේ තරඟය නැරඹීමට පැමිණ සිටි සුවිශේෂී පුද්ගලයෙකුට ඔහු ලබාදෙනවා.
නයිට් රයිඩර්ස් කණ්ඩායමට සහයෝගය දැක්වීමට ක්‍රීඩා පිටියට පැමිණ සිටි අබාධිත පුද්ගලයෙකුටයි කාර්තික් ඔහුගේ සම්මානය සහ ත්‍යාගය පිරිනමන්නේ.
මීට පෙර පැවති තරඟයකදී ද තරඟයේ වීරයා වෙමින් කාර්තික්ට හිමිවූ සම්මානය සහ මුදල් ත්‍යාගය ඔහු විසින් මෙම පුද්ගලයාටම ත්‍යාගයක් වශයෙන් ලබාදෙනවා.
එම අවස්ථාවට කොල්කටා කණ්ඩායමේ හිමිකාරිත්වය දරණ බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් ද එක්වුණා.
එම අවස්ථාවන් පහතින්..
rnrnrnrnrnrn
rnrnrnrnrnrn