Gossips

පරිපූරක කිහිපයක් ගැන ඒකාබද්ධයෙන් අනාවරණයක්

කැබිනට් අමාත්‍ය ධුරයක් හිමි නොවීම සම්බන්ධයෙන්, තමා කණගාටුවෙන් පසුවන බව රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේ පවසනවා.
ඔහු පවසන්නේ තමාගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ස්ථිරවම මෙවර සංශෝධනයේදී කැබිනට් අමාත්‍ය ධුරයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ බවයි.
පියසේන ගමගේ මේ වනවිට තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලබනවා.
මේ අතර, එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක මත පළ කළ පාලිත රංගේ බණ්ඩාරට මෙවරද කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූයේ නැහැ.
මෙවර සංශෝධනයේදී රංගේ බණ්ඩාර රාජ්‍ය අමාත්‍යවරයාට තමන් දැරූ විෂයට අමතරව ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය ධුරය හිමිවුණා.
පෙරේදා පැවති දිවුරුම්දීමේ අවස්ථාවෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටතට පැමිණි රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියා සිටියේ තමන්ට හිමිවිය යුතු දේ ලැබී නොමැති බවයි.
නව අමාත්‍යවරුන්ගේ අවශ්‍යතා සඳහා ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී පරිපූරක ඇස්තමේන්තු කිහිපයක් ඉදිරිපත් කෙරෙනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද (04) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මෙවර අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ඇතිවී තිබෙන සිත්රිදීම් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.