Gossips

ට්විටර් ඉල්ලීම ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් පමණයි

මුරපද මාරු කරන ලෙස ට්වීටර් සමාජජාලය ග්‍රාහකයන්ගෙන් සිදුකළ ඉල්ලීම් ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් පමණක් බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත සඳහන් කළේ අක්‍රමවත් මුරපද හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් වළක්වා ගැනීමට මෙම ඉල්ලීම සිදුකර ඇති බවයි.
සිය මුරපද මාරු කරන ලෙස ට්වීටර් සමාජ ජාලය ඉදිරිපත් කළ ඉල්ලීම අද (04) පෙරවරුවේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.
කෙසේ නමුත්, මුරපද හෝ වෙනත් තොරතුරු අවභාවිතයක් සිදුවීම පිළිබඳව අනාවරණය වී නොමැති බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වුණා.
ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල දැක්වුණේ මෙම සමාජ මාධ්‍යයේ පෞද්ගලික තොරතුරු මාස කිහිපයක් විවෘතව පැවති බවයි.
ලොව ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්වීටර් ග්‍රාහක සංඛ්‍යාව මිලියන 330 ඉක්මවනවා.