Gossips

හවායි ගිනි කන්දක් පුපුරයි

පැසිෆික් සාගරයේ පිහිටි ඇමරිකා එක්සත් ජනපදයට අයත් දිවයින් පෙළක් වන හවායි හි කිලෝඒයා ගිනි කන්ද පිපිරීමට ලක්ව තිබෙනවා.
එය මහ පරිමාණ පිපිරීමක මූලාරම්භය විය හැකි බැවින් එහි හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
අවදානම් කලාපයේ සිටින වැසියන්ට අනිවාර්යයෙන් ඉවත් වීමේ නියෝග නිකුත් කර තිබෙනවා.
ඇමරිකානු රතු කුරුසය ඉවත් කර ගන්නා පුද්ගලයන් සඳහා තාවකාලික කඳවුරුද ඉදිකර අවසන්.
ඇසින් දුටූූවන් උපුටා දක්වමින් විදෙස් ප්‍රවෘත්ති සේවා සඳහන් කළේ ඇතැම් ස්ථානවල දැනටමත් ලාවා ගලා යාමට පටන් ගෙන ඇති අතර, එහි සල්ෆර් සහ දැවෙන ශාක වල ගන්ධය අඝ්‍රාණය වන බවයි.