Gossips

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.
අල්ලස් චෝදනාවක් මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය අයි.කේ.මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක මේ මස 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම සිදුවීම පිලිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවයි.
ඒ අනුව, අදාළ නිලධාරින්ගේ සේවය වහාම අත්හිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබෙනවා.