Gossips

කාලගුණයේ අද සිදුවන වෙනස – සෞඛ්‍ය අංශවලින් අවවාද

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් විශේෂයෙන් කුඩා ළමයින් විජලනය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මේ සම්බන්ධයෙන් වැඩිහිටියන් අවධානයෙන් කටයුතු කළ යුතු බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ.
උතුර, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලට බලපා ඇති උණුසුම් කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (04) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
එසේම, පොළොන්නරුව, අනුරාධපුර, වව්නියාව, මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කවල ජනතාව ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක කියා සිටියේ.