Gossips

19 හැවිරිදි තරුණයෙකුගේ ලිංගික අපයෝජනයෙන් දෙදරු මවක් මරුට

41 හැවිරිදි දෙදරු මවකට බරපතල ලිංගික අපයෝජනයක් කළ 19 හැවිරිදි තරුණයෙකු රුසියාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බරපතල අපයෝජනයට ලක්වු කාන්තාව රෝහල් ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මෙම දෙදරු මවගේ ගර්භාෂයට දැඩි ලෙසට හානිවි ඇති අතර ඒ හේතුවෙන් මරණය සිදුව ඇතැයි පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.
අවමංගල උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මෙම කාන්තාව නිවසට යාමට සිටි අවස්ථාවේ සැකකාර තරුණයා සිය මෝටර් රථයෙන් ඇය රැගෙන යාමට කැමැත්ත පළකර ඇතැයි සඳහන්.
එලෙස යමින් සිටියදීයි අතරමග ප්‍රදේශයකදී ඇය බරපතල අපයෝජනයකට ලක්වී ඇත්තේ.
ලිංගික අපයෝජනයට ලක් කිරීමට පෙර සැකකරු මෙම කාන්තාවගේ ඇඳුම් සියල්ල ඉරා දමා ඇතැයි ද සඳහන්.
අනතුරුව ඇය මෝටර් රථයේ දමා සැකකරු පළාගොස් ඇති අතර එම ස්ථානයෙන් ගමන් කළ පිරිසක් සිද්ධිය දැක පොලිසිය දැනුවත් කර තිබෙනවා.
මෙම අපයෝජනයෙන් පසුව ද කාන්තාව ජීවත්ව සිට ඇති අතර ඇය රෝහල් ගත කිරීමෙන් පසු ශල්‍යකර්මයක් ද සිදු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේවෙතත් ගර්භාෂයට සිදුවු බරපතල හානි හේතුවෙන් පසුව ඇය මරණයට පත්වී තිබෙනවා.
සැකකාර තරුණයා මෙම කාන්තාවගේ සිරුරට ඇතුලු කළ මෝටර් රථයේ කාර්මික උපකරණයක් ද එහි තිබි ඇති අතර එය රුධිරයෙන් වැසී තිබු බවයි පොලිසිය හෙළිකර ඇත්තේ.
මියගිය කාන්තාව අවුරුදු 13 ක දැරියකගේ සහ අවුරුදු 11 ක් වන පිරිමි දරුවෙකුගේ මවක්.