Gossips

ගුවන් ගමන් කිහිපයක ප්‍රමාදයක්

මෙල්බන්, ජෙඩා, ක්වාලාලාම්පූර් සහ බැංකොක් දක්වා ගමන් ගන්නා ගුවන්යානා කිහිපයක ප්‍රමාදයක් සිදුවන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පවසනවා.
ඉන්දියාවට බලපා ඇති දුවිලි කුණාටුව සහ තවත් තාක්ෂණික දෝෂ කිහිපයක් මීට හේතුවයි.
ඒ අනුව (UL884) කොළඹ මෙල්බන්, (UL281) කොළඹ ජෙඩා, (UL314) කොළඹ ක්වාලාලාම්පූර්, (UL406 ) කොළඹ බැංකොක් සහ (UL 604) මෙල්බන් කොළඹ යන ගුවන් ගමන් වල ප්‍රමාදයන් සිදුව ඇති බවයි ඔවුන් නිවේදනය කළේ.
මැදපෙරදිග සිට පැමිණි යානයක සිටි මගියෙකු හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් එක් යානයක් ඉන්දියාවේ කොචින් නුවරට ගොඩබැස්වීමට සිදුව තිබුනා.
එමෙන්ම කුවේටයේ සිට පැමිණි යානයක් දූවිලි කුණාටු තත්වයට හසුවීමෙන් ඉංජිනේරු සහය ලබාගැනීමට සිදුවීම සහ තවත් ගුවන්යානා දෙකක මතුවූ තාක්ෂණික දෝශ හේතුවෙන් මෙලෙස ගුවන් ගමන් ප්‍රමාදවී තිබෙනවා.
මේ හේතුවෙන් ගුමන් ගමන් සඳහා සූදානම් වී සිටි සියලුම මගීන් සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර ලබාදීමට ගුවන් සේවය කටයුතු යොදා ඇතැයි සඳහන්.