Gossips

ETI ගණුදෙනුකරුවන් මුදල් ඉල්ලා යළි විරෝධයේ

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඩ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් අදත් එම ආයතනයට පැමිණ තමන් තැන්පත් කළ මුදල් යළි ඉල්ලා විරෝධය පළ කළා.
ඊ.ටී.අයි. ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම පැහැර හැරීම පිළිබඳව මීට පෙර ද අවස්ථා රැසකදී වාර්තා වුණා.
කෙසේ වෙතත්, සෑම අවස්ථාවකදීම ගණුදෙනුකරුවන් මඟ හැර සිටීමටයි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ බලධාරීන් කටයුතු කළේ.
තැන්පතුකරුවන් වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලය අසල සිට මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස දක්වා අද පාගමනක නිරත වුණා.
තැන්පතු ලබා ගැනීමේ අරමුණින් පැමිණ කිසිදු මුදලක් හිමි නොවූ ඊ.ටී.අයි. ගණුදෙනුකරුවන් සිය විරෝධය පළ කරමින් කියා සිටියේ තමන්ට අහිමි වූ මුදල් ලබාදෙන ලෙසත්, එහි අධ්‍යක්ෂවරුන් සිව් දෙනා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.