Gossips

අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කළොත් වෙන දේ

අධිවේගී මාර්ගයේ වේග සීමාවන් උල්ලංඝනය කරන වාහනවල ඡායාරූප එම වාහන පිටවීමේ ස්ථානයෙන් නිකුත් කෙරෙන නව වේග මාපක පද්ධතියක් ස්ථාපිත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.
අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය ප්‍රකාශ කළේ පොලීසිය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතියේදී නිරීක්ෂණ වේලාව, වේගය මෙන්ම වාහන අංකයද පැහැදිළිව සටහන් වන පරිදි අදාළ ඡායාරූප නිකුත් කෙරෙන බවයි.
ලබන 14 වනදා සිට මෙම යන්ත්‍ර පද්ධතිය ක්‍රියාත්මක වනවා.
අධිවේගී මාර්ගය තුළ වාර්ෂිකව සිදුවන අනතුරුවලින් සියයට 27 ක් සිදුවන්නේ අධික වේගය හේතුවෙන් බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.