Gossips

ජල ගැලීම්වලින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ 45 දෙනෙකු මියයයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ඇතිවූ ජල ගැලීම් වලින් පුද්ගලයින් 45 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් 36 දෙනෙකුම අග්‍රා දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මේ අතර රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමාගිය දුවිලි කුණාටුවකින් ද පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් තිබුණා.
ස්වභාවික විපත් හේතුවෙන් 70 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද සිය සංවේගය පළ කර තිබෙනවා.