Gossips

නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි

පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන කප්පම් ලබාගෙන ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.
චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මේ වනවිට විවෘත වරෙන්තුවක්ද නිකුත් කර තිබෙනවා.
වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි මොහු පිළිබඳව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දුරකථන අංක 011 2 320 141 සිට 145 දක්වා හෝ එහි මෙහෙයුම් මැදිරිය වන 011 2 422 176 අංකයට දැනුම් දෙන ලෙසයි පොලීසිය ඉල්ලා සිටින්නේ.