Gossips

දෙබරුන් වවුනියාවේ පාසලක් වසයි (ඡායාරූප)

වවුනියාව පැරකුම් මහා විද්‍යාලයේ බැඳ තිබූ දෙබර වදයක් ඇවිස්සීමෙන් එම පාසල අද තාවකාලිකව වසා දැමුණා.
සිසුන් ඇතුළු සිව් දෙනෙකු දෙබර ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර, කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලක බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සීමේ අවදානමක් හේතුවෙන් එම ගොඩනැගිල්ලේ පිහිටි පන්තිවල ඉගෙනුම ලබන සිසුන් නිවෙස් වෙත යැවීමට පියවර ගෙන තිබෙනවා.
මේ අනුව එම ගොඩනැගිල්ලේ පිහිටි 8, 9 සහ 10 ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසු සිසුවියන් මෙලෙස ඉවත් කිරීමට පියවර ගත් බවයි කහටගස්දිගිලිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනි දිමුතු විජයංගනී කියා සිටියේ.

(ඡායාරූප – මාධව කුලසුරිය – පර්සි කුරුනේරු