Gossips

සැමියාගේ ඩම්බෙල් පහරින් බිරිඳ මරුට

වේයන්ගොඩ කටුවස්ගොඩ ප්‍රදේශයේදී සැමියා විසින් සිදුකළ දරුණු පහරදීමකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක් වන අතර සැකකාර සැමියාගේ වයස අවුරුදු 24ක්.
මොවුන් දෙදෙනා විවාහ වී ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසයේදී බවයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.
සැකකාර සැමියා ජනප්‍රිය චිත්‍රශිල්පියෙක් වන අතර ඔවුන් දෙදෙනා අතර නිතර නිතර ගැටුම් ඇතිවී තිබෙනවා.
ඒ අනුව ඊයේ (02) දිනයේද මෙම අඹු සැමි යුවළ අතර ආරවුලක් ඇතිවී අනතුරුව සැමියා විසින් බිරිඳට කායවර්ධන උපකරණයක් ලෙස භාවිත කරන ඩම්බෙල් එකකින් පහරදී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව වතුපිටිවල රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි මියගොස් ඇත්තේ.
ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වේයන්ගොඩ පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර ඇති අතර දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.