Gossips

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදය 10 වනදා

ලබන 8 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් එළඹෙන 10 වනදා එක්දින විවාදයක් පැවැත්වීමට නියමිතයි.
කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පක්ෂ නායකයන් තීරණය කර ඇත්තේ එදින පෙරවරු 10.30 සිට පස්වරු 6.30 දක්වා මෙම විවාදය පැවැත්වීමටයි.
ජනාධිපතිවරයා විසින් මේ වනවිට පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කර ඇති අතර, නව සැසිවාරය ආරම්භවීමට නියමිතව ඇත්තේ ලබන 8 වනදායි.
එදිනට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳව ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මීට පෙර ඒකාබද්ධ විපක්ෂය අදාළ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් අවශ්‍ය බව ප්‍රකාශ කර තිබුණා.
අද පැවති පක්ෂ නායක රැස්වීමේදී එම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.