Gossips

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ අද වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයට වැඩමවයි

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් හිරු ටී.වී සහ හිරු එෆ් එම් සැදැහැ සිතින් සංවිධාන කළ හිරු උත්තම ධාතු වන්දනා කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය අවසන් කරමින් ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානයේ යළි තැන්පත් කිරීම අද පස්වරුවේ සිදු කෙරෙනවා.
අනුරාධපුර – ජේතවනාරාම පුදබිමේ තැන්පත් කර තිබූ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභුති විහාරය දක්වා යළි ගමන් වැඩම කිරීම ආරම්භ කළේ ඊයේ උදෑසනයි.
ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ අත්තනගල්ල රජමහා විහාරය වෙත ඊයේ පස්වරුවේ වැඩම කරවනු ලැබුවා.
ධාතූන් වහන්සේ වැඳ පුදාගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් අත්තනගල්ල රජමහා විහාරයට පැමිණ සිටියා.
හිරු උත්තම ධාතු වන්දනා, කපිල වස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතු ප්‍රදර්ශනය ඓතිහාසික ජේතවනාරාම පින් බිමේදී පසුගිය සඳුදා අලුයම ආරම්භ වුණේ දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාදු නාද මධ්‍යයේයි.
එහිදී ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් කපිල වස්තු පුරා නිසැක ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ ජේතවනාරාම පූජා භූමියේ පිහිටි විශේෂ කුටියේ තැන්පත් කෙරුණා.