Gossips

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම පක්ෂ නායක රැස්වීමේදී ලබන 8 වනදායින් ආරම්භ වන නව සැසිවාරය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරනු ඇති.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ ඉදිරි කටයුතු සිදුකෙරෙන ආකාරය සහ න්‍යාය පුස්තකය සකස් කිරීම පිළිබඳ ප්‍රධාන වශයෙන් මෙහිදී අවධානය යොමුවන බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් ඊයේ පැවැත්වුණා.
ඒ, විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.
එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන් සහ නව පාර්ලිමේන්තු සැසිවාරයේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හුවමාරු වී තිබෙනවා.