Gossips

නව විෂය පථයන් ගැසට් කිරීම ඉදිරි දිනවල

නව කැබිනට් අමාත්‍යාංශවල විෂය පථයන් තමන් වෙත ලැබුණු වහා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු සූදානම් කර ඇති බව රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඇය කියා සිටියේ ඊයේ දිනය වනතෙක් අදාළ අමාත්‍යාංශවල විෂය පථයන් මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලයට ලැබී නොතිබුණු බවයි.
කෙසේ වෙතත් පෙරේදා දිනයේදී දිවුරුම් දුන් නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනාගේ අමාත්‍යාංශ සම්බන්ධයෙන් ගැසට් නිවේදනය එදින මධ්‍යම රාත්‍රියේම නිකුත් කෙරුණා.
ඊයේ දිනයේදී දිවුරුම් දුන් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරන බවයි රජයේ මුද්‍රණාලායාධිපතිනි ගංගානි ලියනගේ සඳහන් කළේ.