Gossips

ලොරියක ගැටීමෙන් කාන්තාවක් මරුට

මතුගම අගලවත්ත මාර්ගයේ ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මතුගම දේවාලකන්ද ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කාන්තාවක්.
අනතුර සිදුවන අවස්ථාවේ එම කාන්තාව සමඟ කුඩා දරුවෙකුද සිට ඇති අතර අනතුරින් දරුවාටද තුවාල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කාන්තාව සහ කුඩා දරුවා වෑත්තෑව රෝහලට ඇතුලත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදීයි බරපතළ තත්වයේ පසුවූ කාන්තාව මියගොස් ඇත්තේ.
තුවාල ලබා ඇති දරුවාගේ වයස අවුරුදු 10 ක් බවයි පොලිසිය සඳහන් කරන්නේ.
හොරකඳමුල්ල දෙසට ධාවනය වූ ලොරි රථයේ මාර්ගයේ ඉදිරියෙන් ගමන්කරමින් සිටි මෙම කාන්තාව සහ දරුවා ගැටීමෙන් අනතුර සිදුව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මතුගම පොලිසියයි වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නේ.
මියගිය කාන්තාවගේ මෘත දේහය නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (03) සිදුකිරීමට නියමිතයි.