Gossips

විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව පසු බසී

2014 විස්සයි විස්ස ලෝක ශූරතාව දිනූ, 2009 සහ 2012 අනුශූරයන් වූ, අයි.සී.සී විස්සයි විස්ස දර්ශකයේ ප්‍රමුඛස්ථානය දිගු කළක් රැකගත් ශ්‍රී ලංකාව අභිබවා පෙරමුණට පැමිණීමට ඇෆ්ගනිස්ථානය සමත් වී තිබෙනවා.
අද යාවත්කාලීන කෙරුණු අයි.සී.සී. විස්සයි විස්ස කණ්ඩායම් දර්ශකයේ ප්‍රමුඛස්ථානය පාකිස්ථානයට හිමිවී ඇති අතර, අටවන ස්ථානයේ රැඳී සිටි ශ්‍රී ලංකාව 9 වන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා.
ඒ අනුව මෙතෙක් 9 වන ස්ථානයේ රැඳී සිටි ඇෆ්ගනිස්ථානය ශ්‍රී ලංකාවට වඩා ප්‍රසාද ලකුණු 2 ක් ලබමින් දර්ශකයේ 8 වන ස්ථානය හිමිකරගැනීම විශේෂත්වයක්.
ඒ අනුව ප්‍රසාද ලකුණු 87ක් ලබාගනිමින් ඇෆ්ගනිස්ථානය මේ වනවිට අටවැනි ස්ථානයේ පසුවනවා.
ලකුණු 85ක් සමගින් එම ශ්‍රේණිගත කිරීම්හි ශ්‍රී ලංකාව පසුවන්නේ 9 වැනි ස්ථානයේයි.
මේ අතර ICC යේ නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි 6 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ඊයේ (01) සිදුකළ යාවත්කාලීන කිරීම්වලට අනුව ශ්‍රී ලංකාව එහි 06 වන ස්ථානයේයි පසුවන්නේ.
එම ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමිව ඇත්තේ ඉන්දීය කණ්ඩායමටයි.
නවතම ශ්‍රේණිගත කිරීම් හි කොදෙව් කණ්ඩායම අභිබවා යාමට නැගී එන බංගලාදේශ කණ්ඩායම සමත්ව තිබීම විශේෂත්වයක්.
ඒ අනුව බංගලාදේශ කණ්ඩායම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි හිමිකරගෙන සිටින්නේ 08 වන ස්ථානයයි.
නවතම විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් පහතින්.

ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් පහතින්.