Gossips

මොහොමඩ් හෆීස්ට යළිත් පන්දු යැවීමේ අවස්ථාව

පකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් හෆීස්ට යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලදී පන්දු යැවීමට අවස්ථාව ලැබී තිබෙනවා.
ඒ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් නිත්‍යානුකූල බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සහතික කිරීම හේතුවෙන්.
හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට මතයක් පළවුයේ ශ්‍රී ලංකාව සමග පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ පැවති එක්දින තරගයකදීයි.
අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වු අතර ඔහුට එවැනි චෝදනාවක් එල්ලවූ තුන්වන අවස්ථාව ද එය ලෙසටයි සැලකෙන්නේ.
එම පරීක්ෂණයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීම නිත්‍යානුකූල බවට තහවුරු කර තිබෙනවා.
තුන් ඉරියව් ක්‍රීඩකයාට යළිත් පන්දු යැවීමට අවස්ථාව හිමිවීම පකිස්ථාන කණ්ඩායමට වැඩි වාසියක් බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.
මොහොමඩ් හෆීස්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පළමු වරට චෝදනාවක් එල්ලවූයේ 2005 වසරේදීයි.
ඒ ඔස්ට්‍රේලියාව සමග පැවති එක්දින තරගාවලියේදීයි.
අනතුරුව 2014 වසරේ චැම්පියන්ස් ලීග් 20 යි 20 තරගාවලියේදී ද ඔහුට පන්දු යැවීමේ ඉරියව් පිළිබඳ චෝදනා එල්ලවූ අතර තරග තහනමකට ලක්වීමට ද සිදුවුනා.