Gossips

දුම්රිය එන්ජින් රියදුරන් ලබන 8 වනදා සිට වෘත්තිය ක්‍රියාමාර්ගයකට

ලබන 8 වනදා සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.
අද පැවති එම සංගමයේ විධායක සභාවේදී මෙම තීරණය ගත් බවයි සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේ.
මීට අමතරව ලබන 8 වනදා සිට කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත්වීමටද මෙහිදී තීරණය කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියා.