Gossips

හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වයක්

හිගුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ අද (02) පැවති මහා සභාවාරය අතරතුර උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
ඒ පසුගියදා නිදහස් පක්ෂයෙන් තේරීපත් වූ සභාපති ඩී. ආර්. උඩවත්තගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විරෝධය පළ කිරීමත් සමගයි.
සභාවාරය පවත්වන අවස්ථාව වන විට ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් ද යොදවා තිබුණා.
ඉන් අනතුරුව සභා වාරය ලබන මාසය දක්වා කල් දැමීමට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියට සිදු වුණා.