Gossips

රාජ්‍ය අමාත්‍යවරුන් 8 ක් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 ක් දිවුරුම් දෙයි (ඡායාරූප)

ජාතික ආණ්ඩුවේ තුන්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 18 දෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ අද (02) දිවුරුම් දෙනු ලැබුවා.
මෙහිදී රාජ්‍ය අමාත්‍යවරුන් 8 දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 10 දෙනෙකු දිවුුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පාලිත රංගේ බණ්ඩාර වාරිමාර්ග ජල කලමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා දිවුරුම් දුන් අතර, ඒ අනුව ඔහුට ආපදා කළමනාකරණ විෂය අලූතින් එක් කර තිබෙනවා.
දිලීප් වෙදආරච්චි දිවුරුම් දෙනු ලැබුවේ ධීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
ඒ අනුව, ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය ඔහුගේ රාජ්‍ය අමාත්‍ය ධුරයට එක් කර තිබෙනවා.
මේ අතර, මාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද දිවුරුම් දෙනු ලැබුවේ එම්.එල්.ඒ. එම් හිස්බුල්ලායි.
ඔහු මීට පෙර පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම් රාජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබුවා.
නව සංශෝධනයට අනුව මොහාන් ලාල්ගේ‍්‍රරු ගේ උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරයට සංස්කෘතික විෂය ද එක් කර තිබෙනවා.
මේ අතර, කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ චම්පිකා ප්‍රේමදාස වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.
ලක්ෂ්මන් සෙනෙවිරත්න දිවුරුම් දුන්නේ විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
ශ්‍රීයානි විජේවික්‍රම පළාත් සභා හා පළාත් පාලන ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ධුරයේ අද දිවුරුම් දුන්නා.
ඒ අනුව ක්‍රීඩා විෂය ඇයගේ අමාත්‍ය ධුරයට එක් කර තිබෙනවා.
එමෙන්ම, මෙතෙක් අමාත්‍ය ධුරයක් නොදැරූ වීරකුමාර දිසානායක අද මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
අමීර අලී ධීවර ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දෙනු ලැබුවා.
ඔහු මීට පෙර දරනු ලැබුවේ ග්‍රාමීය ආර්ථික කටයුතු පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරයයි.
ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ දුනේෂ් ගන්කන්ද අද දිවුරුම් දුන්නේ ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
කරුණාරත්න පරණවිතාන නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු විද්‍යා හා තාක්ෂණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, විද්‍යා හා තාක්ෂණ විෂය ඔහුට අලූතින් එක් කර තිබෙනවා.
මේ අතර, අධිකරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාරතී දුෂ්මන්ත අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස අද දිවුරුම් දුන්නා.
අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පාලිත තෙවරප්පෙරුම අද දිවුරුම් දෙනු ලැබුවේ තිරසාර සංවර්ධන වනජිවි හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
එමෙන්ම, ප්‍රාථමික කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මුත්තු සිවලිංගම් අද අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.
එච්.එන්.හරීස් රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, ඔහු මීට පෙර කටයුතු කළේ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
අලි සහීර් මව්ලානා දිවුරුම් දෙනු ලැබුවේ ජාතික ඒකාබද්ධතා සංහිඳියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මොහු මීට පෙර කිසිදු අමාත්‍ය ධූරයක් දැරුවේ නැහැ.
රාජ්‍ය අමාත්‍යවරුන්

පාලිත රංගේ බණ්ඩාර – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය

දිලීප් වෙදආරච්චි – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

මොහාන් ලාල් ග්‍රේරු – උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍ය

චම්පිකා ප්‍රේමදාස – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ලක්ෂ්මන් සෙනෙවිරත්න – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා, වෘත්තීය පුහුණු සහ උඩරට උරුමය පිළිබද රාජ්‍ය අමාත්‍ය

ශ්‍රීයානි විෙජ්වික්‍රම – ක්‍රීඩා සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

වීරකුමාර දිසානායක – මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරුන්
අමීර් අලී සෙයිඩ් – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථීකය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය

දුනේෂ් ගන්කන්ද – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

රන්ජන් රාමනායක – සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය

එච්.එම්.එම් හාරිස් – රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර නගර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

කරුණාරත්න පරණවිතාන – විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය

සාරති දුෂ්මන්ත – අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය

පාලිත තෙවරප්පෙරුම – තිරසර සංවර්ධන, වනජීවි සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

මනුෂ නානායක්කාර – විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය

මුත්තු සිවලංගම් – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

සෙයිඩ් අලි ෂහීර් මවුලානා – ජාතික ඒකබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා නියෝජ්‍ය අමාත්‍ය