Gossips

කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කෙරේ

නව කැළණි පාලමෙ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ හෙට සිට ලබන 5 වනදා දක්වා දිවා සහ රාත්‍රී කාලයේ වරින්වර මෙම මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවනු ඇති බවයි.
මේ හේතුවෙන් මාර්ග තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.