කෘෂිකර්ම අමාත්‍යාංශයේ රැකියා ලබාදෙන බව පවසමින් එම අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිට කිහිපදෙනෙකුගෙන් මුදල් ලබාගත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පුද්ගලයින් 05 දෙනෙකුගෙන් ලද පැමිණිලි අනුව සැකකරු ඊයේ (01) අත්අඩංගුවට ගත් බවයි.
මොහු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේගේ අමාත්‍යාංශ ලිපි ශීර්ෂ යටතේ මෙම පත්වීම් ලිපි සකස් කර එක් අයෙකුගෙන් රැකියා ලබාදීම සඳහා රුපියල් 35,000 සිට රුපියල් 50,000 දක්වා මුදල් ලබාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.