Gossips

මධ්‍යම අප්‍රිකාවේ දේවස්ථානයක වෙඩි තැබීමකින් 15 දෙනෙකු මිය යයි

මධ්‍යම අප්‍රිකානු ජනරජයේ අගනුවර වන බැංගුයි හි දේවස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ දේව මෙහෙයක් අතරතුර නාඳුනන තුවක්කුකරුවෙකු විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මීට මාසකට පමණ පෙර ද මෙම දේවස්ථානය තුළම සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගියා.