Gossips

එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් අගමැති හමුවීමට සැරසේ

එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රිවරුන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ සාකච්ඡාවක් ඉල්ලා අද (02) දිනයේ ලිඛිතව ඉල්ලීමක් කිරීමට සුදානම් වනවා.
පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා එම ඉල්ලීම සිදුකරන බවයි පසුපෙළ මන්ත්‍රිවරයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.
එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේ දී රැස්වී කරනු ලැබූ සාකච්ඡාවකින් අනතුරුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
ඒ අනුව අදාළ ඉල්ලීම ඇතුළත් ලිපිය අද දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුතුව භාරදීමට කටයුතු කරන බවද එම පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡාවක්ද අරලියගහ මන්දිරයේදී පවත්වා තිබෙනවා.
ඒ, ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.
කෙසේ වෙතත්, මෙම සාකච්ඡාව සඳහා පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එක්ව නොසිටි බව ද වාර්තා වනවා.