Gossips

ජීව උණ්ඩ සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ටී 56 ජීව උණ්ඩ 128 ක් සමග ඌරගස්මංහන්දිය දියකඩිත්ත වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුනු තොරතුරකට අනුවයි අද වැටලීම සිදුකර ඇත්තේ.
සැකකරුගේ නිවසේ තිබී මෙම ජීව උණ්ඩ හමුවී ඇති අතර ඔහු අපරාධ කණ්ඩායම් සමග සබඳතා පවත්වන අයෙක් ද යන්න සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එමෙන්ම මෙම සැකකරු තම සොහොයුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප ලබා පැමිණි අයෙක් බව ද සඳහන්.
මෙම පුද්ගලයා ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.