Gossips

ලසන්ත ඝාතන සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය පොලිස්පති යළි රිමාන්ඩ්

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මේ මස 14 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඊට අදාළ නඩුව අද ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් ඉදිරියේ සලකා බැලූණු අවස්ථාවේදීයි.
එහිදී සැකකරුවන් ඇප මත මුදා හරින ලෙස ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා තිබෙනවා.
කෙසේ වෙතත්, විමර්ශන නිලධාරීන් සඳහන් කර ඇත්තේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බැවින් සැකකරුවන්ට ඇප ලබාදීමට විරෝධය පළ කරන බවයි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.