Gossips

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි (ඡායාරූප)

කොට්ටාව බස් නැවතුම්පොල ආසන්නයේදී පුද්ගලයෙකුට පහරදුන් අයෙක් සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතනවා.
2016 වසරේ ජුනි මස 9 වනදා කොට්ටාව නගරයේ වැටී සිටි පුද්ගලයෙකු කොට්ටාව පොලිසිය විසින් හෝමාගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර සිටියදී ජුනි මස 22 වනදා මියගොස් තිබුනා.
මේ සම්බන්ධයෙන් පොලිසිය සිදුකළ විමර්ශණයේදී අනාවරණ වී ඇත්තේ එම පුද්ගලයාට කිසියම් අයෙක් මුහුණට පහරදී ඇති බවයි.
ඔහු වැටී සිටි ස්ථානයේ CCTV දර්ශණවලින් එම කරුණු හෙළිවී තිබෙනවා.
එම පහරදීමත් සමග මියගිය පුද්ගලයා ඇද වැටී ඇතැයි සඳහන්.
මේ සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ සහෝදරයෙක් පොලිස්පති සහන මැදිරියට කළ පැමිණිල්ලක් අනුව බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශණයක් සිදු කරනවා.
එබැවින් මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ 011 2809243 හෝ 0777 231892 අංකවලට ලබාදෙන ලෙසටයි පොලිසිය ඉල්ලා සිටින්නේ.