Gossips

කම්කරු දිනය තැන් කිහිපයකදී සැමරේ

කම්කරු දින සැමරුම් අදට නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබුණත් ඇතැම් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති අද දින මැයි දින සැමරුම් සංවිධාන කිරීමට කටයුතු කර තිබෙනවා.
ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම යාපනය මහ නගර සභා ක්‍රීඩා පිටියේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.
එමෙන්ම දෙමළ ජාතික සංධානය ද අද යාපනය – නෙල්ලිඅඩි සහ මඩකලපුව – වෙල්ලාවලි යන ප්‍රදේශවලදී මැයි දිනය සැමරීමට කටයුතු කර ඇති බවයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මේ අතර, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද අද කොළඹ දී මැයි දින පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කර තිබෙනවා.
මරදාන – එල්ෆින්ස්ටන් රඟහල අසළින් අද දහවල් එම පා ගමන ආරම්භ කළ බවයි එහි දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ කියා සිටියේ.
මීට අමතරව තවත් වෘත්තීය සමිති කිහිපයක් අද මැයි රැළි සංවිධානය කර තිබුණා.