Gossips

Update :- කැබිනට් සංශෝධනය අවසන් – මැති ඇමතිවරුන් අතර නව අමාත්‍යංශ බෙදී ගියේ මෙහෙමයි

අද (01) පෙරවරුවේ සිදුවූ නව කැබිනට් අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වන විට අවසන් වී තිබෙනවා.
මේ අතර නව රාජ්‍ය අමාත්‍යවරු සහ නව නියෝජ්‍ය අමාත්‍යවරු හෙට (02) දිනයේ දී දිවුරුම් දීමට නියමිත බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
Update :- Tuesday, May 1, 2018 11.47am
———————————————————–
කැබිනට් අමාත්‍ය මණ්ඩලය සංශෝධනය අද (01) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වුණා.
මෙහිදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය සහ මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබෙනවා.
අමාත්‍ය සරත් අමුණුගම විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී ඇති අතර අමාත්‍ය මහින්ද අමරවීර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසයි.
අමාත්‍ය දුමින්ද දිසානායක අද දින දිවුරුම් දුන්නේ වාරි මාර්ග, ජල කළමනාකාරණ සහ අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසයි.
අමාත්‍ය එස්.බි නාවින්න අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
ක්‍රීඩා සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුෂ්තාෆා දිවුරුම් දෙනු ලැබුවා.
අමාත්‍ය පි.හැරිසන් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇති අතර මහ මාර්ග සහ අධිවේගී මාර්ග සංවර්ධන අමාත්‍ය ධුරයේ කබීර් හෂීම් දිවුරුම් දී තිබෙනවා.
අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත්තේ අමාත්‍ය තලතා අතුකෝරළයි.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
නැවත පදිංචි කිරීම්, පුනරුත්තාපන, උතුරු සංවර්ධන සහ හින්දු කටයුතු අමාත්‍යවරයා ලෙස ඩී.එම් ස්වාමිනාදන් දිවුරුම් දී තිබෙනවා.
ධීවර, ජලජ සම්පත් සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස විජිත් විජයමුණි සොයිසා දිවුරුම් දුන් අතර අමාත්‍ය මනෝ ගනේෂන් දිවුරුම් දුන්නේ ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසයි.
සාගල රත්නායක දිවුරුම් දී ඇත්තේ ව්‍යවසාය කළමනාකරණ තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමත්‍යවරයා ලෙසයි.
රවින්ද්‍ර සමරවීර දිවුරුම් දුන්නේ කම්කරු සහ වෘත්තීය සමිති සම්බන්ධතා අමාත්‍ය ධුරයේයි.
සමාජ කටයුතු සහ ප්‍රථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දයා ගමගේ දිවුරුම් දුන් අතර අමාත්‍ය සරත් ෆොන්සේකා දිවුරුම් දුන්නේ තිරසර සංවර්ධන සහ වනජීවී අමාත්‍යවරයා ලෙසයි.
උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙස හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.