Gossips

න්‍යෂ්ටික අවි ගැන ඊශ්‍රායලය සහ ඉරානය වාග් සංග්‍රාමයක

ඉරානය රහසිගතව සිය න්‍යෂ්ටික අවි වැඩසටහන ක්‍රියාත්මක කරන බවට සාක්ෂි තමන් සතුව පවතින බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
සම්බාධක ඉවත් කිරීම වෙනුවෙන් සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හිටුවීමට ඉරානය 2015 වසරේදී ලෝක බලවතුන් සමඟ එකඟත්වයකට පැමිනුණා.
එහෙත් ඉරානය න්‍යෂ්ටික අවි අත්පත් කර ගැනීමේ අරමුණෙන් ඉවත් වී නොමැති බවටයි ඊශ්‍රායලය චෝදනා කරන්නේ.
කෙසේ නමුත්, ඉරාන විදේශ අමාත්‍ය ජාවඩ් සරිෆ් ප්‍රකාශ කළේ ඊශ්‍රායලය, ජනපති ට්‍රම්ප්ට ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත්වීම සඳහා හේතු සාධක ඉදිරිපත් කරන බවයි.