Gossips

හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණය අදයි

ශ්‍රී ලංකාවේ දෙවන විධායක ජනාධිපතිවරයා වූ දිවංගත රණසිංහ ප්‍රේමදාසයන්ගේ 25 වන ගුණානුස්මරණ උත්සවය කොළඹ – අලූත්කඩේ ප්‍රේමදාස පිළිරුව අභියස දී අද (01) උදෑසන පැවැත්වෙනවා.
ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පුත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළු පවුලේ ඥාතීන් ද එක්වනු ඇති.
1978 වසරේ සිට 88 වසර දක්වා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු 1989 වසරේ සිට 1993 වසර දක්වා මෙරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළා.
ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා 1993 වසරේ මැයි දින පෙළපාලියකට එක්වෙමින් සිටියදී එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු අතින් ජීවිතක්ෂයට පත්වුණා.