Gossips

ජනපති ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති කියයි

උතුරු කොරියානු න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පැවති උණුසුම්කාරී වාතාවරණය අවසන් කිරීම සඳහා දැක්වූ දායකත්වය වෙනුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය හිමි විය යුතු බව දකුණු කොරියානු ජනපති මූන් ජේ ඉන් පවසනවා.
සෝල් නුවර දී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ සිය අමාත්‍ය මණ්ඩලටයි.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් පසුගිය සිකුරාදා දකුණු කොරියාවට පැමිණ ජනපති මූන් ජේ ඉන් මුණගැසුණු අතර එය ඓතිහාසික සිද්ධියක් ලෙසයි සැලකෙන්නේ.
කිම් ජොං අන් මේ මස අගදී හෝ ලබන මස මුල දී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මුණ ගැසීමට නියමිතයි.