Gossips

දරුවන් දෙදෙනාට වස දුන් චාවකච්චේරියේ පියා

චාවකච්චේරිය ප්‍රදේශයේදී පියෙකු විසින් ඊයේ (30) රාත්‍රියේ සිය දරුවන් දෙදෙනාට වස දී ඔහුද වස පානයකර තිබෙනවා.
35 හැවිරිදි පුද්ගලයෙකු සිය දස හැවිරිදි පුත්‍රයාට සහ හත් හැවිරිදි වියේ පසුවූ දියණියට වස දී ඔහුද මෙලෙස වස පානයකර ඇති බවයි පොලිසිය පවසන්නේ.
වස පානය කිරීමෙන් බරපතල තත්වයේ පසුවූ මොවුන් තිදෙනා ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
රෝහල වෙත ඇතුළත් කෙරුණු තිදෙනා මේ වන විට යාපනය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
පවුල් ආරවුල් හේතුවෙන් දරුවන් දෙදෙනාගේ මව මොවුන්ගෙන් වෙන්ව ජීවත්වන බවයි චාවකච්චේරිය පොලිසිය වැඩිදුරත් සඳහන් කළේ.
මොවුන් මෙලෙස වස පානය කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චාවකච්චේරිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.