Gossips

සජිත්, නියෝජ්‍ය නායකකමින් සෑහීමකට පත් නොවේ

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක තනතුර නැවත තමාට ලබාදීම පිළිබඳව බොහෝ අය ප්‍රශංසා සිදුකරන නමුත් නියෝජ්‍ය නායකකමින් තමන් සෑහීමකට පත් නොවන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිරිබෝපුර ඉදිකළ ශ්‍රී අමරදේවගම ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තමන් සෑහීමකට පත්වන්නේ මෙරට පවුල් ලක්ෂ 12 ක පමණ ජනතා පැතුම ඉටුකිරීම තුළින් බවයි අමාත්‍යවරයා කියා සිටියේ.