Gossips

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා තරග දිවා – රාත්‍රී දෙකේදීම

ලබන වසර මුලදී යෙදී ඇති ශ්‍රී ලංකා පිලේ ඕස්ට්‍රේලියානු චාරිකාවේදී දිවා – රාත්‍රි ටෙස්ට් තරගයක්ද පැවැත්වීමට නියමිතයි.
බ්‍රිස්බේන් නුවර – ගැබා ක්‍රීඩාංගණයේදී එම ටෙස්ට් තරගය ලබන ජනවාරි 24 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති.
ශ්‍රී ලංකාව ප්‍රථම වරට 2017 වසරේ ඔක්තෝම්බරයේදී පාකිස්ථානය සමඟ දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකට සහභාගි වුණා.
එමෙන්ම ලබන ජූනි මාසයට යෙදී ඇති බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා පිල සිය දෙවන දිවා – රාත්‍රී දෙවන ටෙස්ට් තරගයට සහභාගි වනවා.
ඕස්ට්‍රේලියාවේදී පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා පිලේ තුන්වන දිවා – රාත්‍රී ටෙස්ට් තරගයයි.