Gossips

ඕනෑම ලේ වර්ගයක් ඕනෑම මොහොතක සූදානම් – ජාතික රුධිර පාරවිලයන සේවය

රෝගීන්ගේ අවශ්‍යතා සදහා රුධිරය ලබාදෙන ලෙස පෞද්ගිලක හා රජයේ රෝහල් ඥාතීන්ගෙන් කරන ඉල්ලීම් සදාචාරාත්මක නොවන බව ජාතික රුධිර පාරවිලයන සේවය අවධාරණය කරනවා.
ඔවුන් මේ බව සදහන් කරන්නේ නිවේදනයක් නිකුත් කරමින්.
පසුගිය දිනවල ෆේස්බුක් ඇතුළු සමාජ ජාල මාධ්‍ය ඔස්සේ රෝගීන් සදහා රුධිරය ලබාදෙන ලෙස ඉල්ලීම් බහුල වශයෙන් සිදු කෙරුණා.
එම ඉල්ලීම් සැළකිල්ලට ගනිමින් ජාතික රුධිර පාරවිලයන සේවය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.
වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන – අධ්‍යක්ෂ ජාතික රුධිර පාරවිලයන සේවය
– පෞද්ගලික රෝහලක රෝගියෙක් සිටිනවා නම් ඒ රෝහලෙන් අපේ ජාතික රුධිර පාරවිලයන සේවයට එවන්න ඕනේ ඉල්ලුම් පත්‍රයක්.බොහෝ වෙලාවට රෝගියාගේ ඥාතීන් මිත්‍රයන් යනාදියට පවසලා ඒ හරහා කෙළින්ම මාධ්‍යවලට යොමු වෙනවා මිසක් අඩු තරමින් රුධිරය අවශ්‍යයි කියලා ඉල්ලුම්පත්‍රයක්වත් මේ රෝහල්වලින් අපිට ලැබිලා නෑ.ජාතික රුධිර පාරවිලයන සේවයට ශාඛා 107ක් තිබෙනවා. ඕනෑම ලේ වර්ගයක් ඕනෑම මොහොතක අපිට ලබාදීමේ හැකියාවක් වර්තමානයේ තිබෙනවා.අනවශ්‍යයි මේවා සමාජ මාධ්‍යවලට යොමු වෙන්න.අනවශ්‍ය ප්‍රචාරයක් ලැබීම තුළින් ඒ රෝගියාගේ පෞද්ගලිකත්වය බිඳ වැටෙනවා.
ජාතික රුධිර පාරවිලයන සේවයේ දත්ත අනුව විරලගණයේ රුධිර වර්ග පරිත්‍යාගශීලීන් ද ඇතුළුව ඔවුන් සතුව සිටින ලියාපදිංචි රුධිරදායකයින් සංඛ්‍යාව ලක්ෂ 6 කට අධිකයි.
ඒ අනුව ඕනෑම අවස්ථාවක විරල ගණයේ රුධිරය වුවද ලබාදීමේ හැකියාව ජාතික ලේ බැංකුව සතුයි.