Gossips

චීන විදේශ ඇමති උතුරු කොරියානු චාරිකාවකට සැරසෙයි

චීනයේ ඉහළතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා වන විදේශ අමාත්‍ය වෑන් යී මේ සතියේ උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙනවා.
ඒ, උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර පසුගිය සිකුරාදා සිදුවූ ඓතිහාසික හමුවෙන් අනතුරුවයි.
උතුරු කොරියානු අර්ධද්වීපයේ සුවිශේෂී සිදුවීම් රැසක් සිදුවන අතරයි චීන විදේශ අමාත්‍යවරයා එහි සංචාරය කිරීමට සැරසෙන්නේ.
චීනය, උතුරු කොරියාවේ එකම ආර්ථීක සහයකයා වන නමුදු චීන රජයේ ඉහළ පෙළේ නිලධාරියෙකු වසර ගණනාවකින් එහි සංචාරය කර නැහැ.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් ඉදිරි සති කිහිපය තුළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ද මුණගැසීමට නියමිතයි.