Gossips

සිරියාවට මිසයිල ප්‍රහාරයක්

උතුරුදිග සිරියාවට අද දැවැන්ත මිසයිල ප්‍රහාරයක් එල්ලවී ඇති අතර, එහිදී ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජයට පක්ෂපාතී සෙබලූන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
හමා සහ ඇලෙප්පෝ ප්‍රාන්තවලට අද මෙම මිසයිල ප්‍රහාරය එල්ලවී ඇති බව සඳහන්.
එහිදී අවි ගබඩා ඇතුලූ ඉලක්ක රැසක් විනාශ වී ඇති බවයි වර්තාවන්නේ. ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිවෙකු වගකීම භාරගෙන නැහැ.
එහෙත් ඊට පෙර සිරියානු රජයේ හමුදා වෙත බටහිර රටවල් සහ ඊශ්‍රායලය මෙවැනි ප්‍රහාර එල්ල කර තිබෙනවා.
නව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ, ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවී පැය 24 ක් ඇතුළත මෙම ප්‍රහාරය එල්ලවීමද විශේෂත්වයක්.