Gossips

වලස්මුල්ලේදී දියේ ගිලී තරුණයෙක් අතුරුදන්

හම්බන්තොට – වලස්මුල්ල – කැකිරි ඕබඩ ජලාශයේ ගිලීමෙන් තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම තරුණයා අද උදෑසන දියනාමින් සිටි අවස්ථාවේදී මෙලෙස හදිසියේ දියේ ගිලී අතුරුදන්වී ඇති බවයි.
මෙලෙස අතුරුදන්වී ඇත්තේ වලස්මුල්ල – උඩදෙණිය ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක්.
ඔහු සෙවීම සඳහා ගාල්ල නාවික හමුදා කඳවුරේ නිලධාරින් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.